උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් ගුරුවරු ඉවත් වෙති.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම සඳහා දිනකට ලබාදෙන රුපියල් 2000ක දීමනාව මෙවර ලබා නොදීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මේ පිළිබඳව අදහහස් දක්වමින්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ, පසුගිය වසරේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම සඳහා දිනකට රුපියල් 2,000ක් ලබාදුන් නමුත් මෙවර එම දීමනාව ඉවත් කර ඇති බවත්, එහෙයින් පිළිතුරු පත්‍ර ලකුණු කිරීමෙන් ඉවත් වීමට තම සංගමය තීරණය කර ඇති බවත් ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!