උඳු මුං කව්පී සඳහා බදු ඉහළ දමයි

උඳු, මුං ඇට, කවුපි, බඩඉරිඟු, කුරක්කන් හා මිලට් ආනයනයේදී අය කරනු ලැබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ අනුව උඳු සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවති රුපියල් 200ක මිල විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මගින් රුපියල් 300ක් දක්වා ඉහළ යනු ඇත.

කවුපි(අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට්(අනෙකුත්) ආනයනයේදී කිලෝග්‍රාමයකට මෙතෙක් පැවති රුපියල් 70ක් වූ මිල විශේෂ වෙළද භාණ්ඩ බද්ද මඟින් රුපියල් 300 දක්වා ඉහළ නංවා ඇත.

ඊට අමතරව බඩඉරිඟු සඳහා රුපියල් 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇත.

මේ අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!