උඩවත්ත කැලය නිසා දළදා මාළිගාව සහ විශ්ණු දේවාලය බරපතල අනතුරක

උඩවත්ත කැලයේ සිට වැසි දිනවල ගලා එන ජල ධාරාව හේතුවෙන් මහනුවර ජනපති මැදුර, විෂ්ණු දේවාලය සහ ශ්‍රී දළඳා මාලිගාව ඇතුලු ආයතන රැසකට හානි වීමේ අවදානමක් ඇතැයි ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම් දුන්නේය.

අඛණ්ඩව ගලා බසිනා වැසි ජලය නිසා ආණ්ඩුකාර කාර්යාලය ඇතුලු රජයේ ආයතන රැසකටද හානි සිදුවිය හැකි බව ඔහු එහිදී දැනුම් දුන්නේය.

මේ පිළිබදව මහනුවර දිසා වන නිලධාරී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් උඩවත්ත කැලයේ සිට ජලය ගලා බසින පැරණි කාණු පද්ධිති නඩත්තු නොකිරීම මීට එක් හේතුවක් වන බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

උඩවත්ත කැලයේ ඉදිකොට ඇති කාණු පද්ධති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩත්තු කළ යුතු වුවත් ජලය ගලා බසින සෙසු පද්ධති නඩත්තු කිරීම සඳහා මහනුවර මහ නගර සභාව ඇතුලු අදාල ආයතනවල දායකත්වය ලබා ගත යුතු බව සම්බන්ධීකරණ කමිටුවේදී අවධානය යොමු විය.

උඩවත්ත කැලයේ සිට මහනුවර නගරය දක්වා ගලා බසින කාණු පද්ධිති පිළිසකර කරන ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බව ආණ්ඩුකාවරයා පැවසීය

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන අයද මෙහිදී අදහස් දැක්වූහ.

නදීක දයා බණ්ඩාර
මහනුවර සිට

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!