උඩරට දුම්රිය ධානවය යථා තත්ත්වයට.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය කළ විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (15) සවස පීලිපැනීම නිසා ඇනහිටි උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේවනවුට යථා තත්ත්වයට පත්ව ඇතිබව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර මාර්ග කොට්ටාසයේ සිදුවු මෙම පීළි පැනීම නිසා හානියට පත් මාර්ගය අද (16) අලුයම 3.40 පමණ වන විට යථා තත්වයට පත් කිරීමට පියවර ගත් බවද එම මාර්ගයේ දුම්රිය ගමන් පෙර පරිදි සිදුකළ හැකි බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය තහවුරු කළේය

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!