උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ.

20-20 පුහුණු තරග 07ක සංචාරයක් උදෙසා උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම පුහුණු තරග වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්වීමට නියමිතය.

මෙම තරග සියල්ල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 12 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!