ඊජිප්තුවේ බල්ලන් බලාගත් ”අවලෝකිතේෂ්වර” බුදු දහම වනසනවා.

තමන් අවලොකිතේෂ්වර බෝධිසත්වයන් යයි පවසමින් දේශන පවත්වන පුද්ගලයා ඊජිප්තුවේ සුනඛයන් බලා ගත් පුද්ගලයෙක් බවත් ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නැතුව සිටිදී ඔහුගේ අනුගාමිකයන් මුදල් යවා ලංකාවට ගෙන්වාගෙන ඇති බවත් පූජ්‍ය බළන්ගොඩ කාශ්‍යප හිමියෝ පවසති .

මෙම පුද්ගලයා මෙරටට ඒමට පෙර ඒ පිළිබඳ තොරතුරු රහස් පොලිසියටත් අනෙකුත් අංශවලටත් දාබ ලබා දුන්නද මෙතෙක් කිසිදු පියවරක් ඒ පිළිබඳව ගෙන නැතැයි ද උන්වහන්සේ වැඩි දුරටත් පවසති.

ථෙරවාදී සම්ප්‍රදාය විවේචනය කරමින් මහායාන අදහස් ඉදිරිපත් කරමින් මෙම පුද්ගලයා බුදු දහම විකෘති කරමින් සිටින බවද පවසන උන්වහන්සේ මොහු මානසික රෝගයකින් පුද්ගලයෙක් බවත් එනිසා මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවත් පැවසූහ.

මෙම පුද්ගලයාට භික්ෂූන්වහන්සේ නමක් පවා වඳිනා දර්ශණ සමාජ මාධ්‍යන්හී සංසරණය වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!