ඉන්ෆ්ලුවෙන්සාව පැතිරෙයි.

අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග හමුවේ, උණ, කැස්ස, උගුරේ අමාරුව,නසයේ අවහිරතාවය, මාංශ පේශී හෝ ශරීරයේ පවතින වේදනාව, හිසරදය සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

“සාමාන්‍යයෙන් නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සහ අප්‍රේල් සිට ජූලි දක්වා ඉන්ෆ්ලුවෙන්සා උච්ච අවස්ථා දෙකක් දකගත හැකියි. පසුගිය මාසයේ සහ ජනවාරි මුල් සතියේ ලබාගත් සාම්පලවලට අනුව, ඉන්ෆ්ලුවෙන්සා-ධනාත්මක අනුපාතය 25% කට ආසන්න වුනා…” වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ
මාධ්‍යට පැවසීය .

මෙම තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහල, රාගම, කළුබෝවිල, මීගමුව රෝහල්, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ ඇතුළු රෝහල් 20ක ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග පිළිබඳ නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයට උපදෙස් දී ඇත.

එකී උපදෙස් වලට අනුව දිනපතා ජාතික ඉන්ෆ්ලුවෙන්සා රසායනාගාරයට සාම්පල යොමු කරනා බවත්, මේ වන විට සුලබව වාර්ත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වර්ගය බවත් ඔහු පැවසීය. ගැබිනි මව්වරුන්, අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති අය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ගැන දැඩි අවධානයකින් පසුවිය යුතුබවත් හැකි සෑම විටම මුහුණු ආවරණයක් පැළඳිම වැදගත් බවත් වෛද්‍යවරු පවසති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!