ඉන්ධන මිල සංශෝදනය වෙයි.

අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව ඩීසල්, ඔක්ටෙන් 92 පෙට්‍රල්, භූමිතෙල් මිල පහත දමා ඇති අතර සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

මිල ගණන් වෙනස් වන්නේ මෙසේය.

ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් නව මිල රුපියල් 329 දක්වා,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් ලීටරයක නව මිල රුපියල් 346 දක්වා,
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් ලීටරයක නව මිල රුපියල් 247 දක්වා පහල දමයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහල දමා ඇති අතර නව මිල රුපියල් 426 කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් තුනකින් ඉහල දමා ඇත්තේ රුපියල් 434 ක් දක්වායි.අයි.ඕ.සී සහ සිනෝපෙක් සමාගමද මෙම මිලම ක්‍රියාත්මක කරයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!