ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාරු සේවය යළි ඇරඹේ.

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ යාපනයේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව පෙබරවාරි 15 වනදා ආරම්භ කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා පැවසීය.

පෙබරවාරි 15 වැනි දින නැවත සේවා ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇති අතර, එම නිසා සේවාව ආරම්භ කිරීමේ මූලික වැඩසටහන් අවසන් කර ඇත. 2023 ඔක්තෝම්බර් 20 වන දින මෙම පාරු සේවයේ නිළ දියත් කිරීම සිදු කරන ලද අතර, ‘චෙරියපානි’ මගී යාත්‍රාව කන්කසන්තුරේ වරායට පැමිණීමත් සමඟ වසර 40 ක විරාමයකින් පසුව දෙරට අතර පාරු සේවය නැවත ආරම්භ විය.

‘චෙරියපානි’ යනු මගීන් 150 දෙනෙකුට ගමන්කළ හැකි ඉන්දීය නැව් සංස්ථාවට (SCI) සතු කෞකාවකි. නාගපට්නම් සිට කන්කසන්තුරේ වරාය දක්වා ගමනට ආසන්න වශයෙන් පැය හතරක් ගතවෙයි. එක් ගමනාන්තයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750 ක් වැයවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!