ඉන්දියවේ පෙට්‍රෝනට් සමාගම ශ්‍රි ලංකාවේ බලශක්ති මෙහෙයුම් ආරම්භ කරයි

ඉන්දියාවේ විශාලතම ද්‍රව ස්වභාවික වායු සමාගම වන පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම 2025 දී ශ්‍රී ලංකාවට එල්එන්ජී සැපයීම ආරම්භ කරන බව එහි ප්‍රධාන විධායක අක්ෂේ කුමාර් සිං ඊයේ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව කර්මාන්ත සහ අනෙක් අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ද්‍රව ගෑස් සැපයීම අපේක්ෂා කරනා බවත්, එම සැපයුම් කරුවන් තෝරාගැනීම සඳහා වසරකට අසන්න කාලයක් සාකච්චා පැවැත්වූ බවත්, අවසනයේ ශ්‍රි ලංකාවේ ද්‍රව ගෑස් සැපයුම් කාර සමාගම බවට පත්වීමට Petronet සමාගමට අවස්ථාව ලැබුන බවත් ඔහු පැවසූ බව වාර්තා වේ.

ද්‍රව ගෑස් සැපයුම අරම්බයෙදී දිනකට ගෑස් ටොන් 850ක් ටොන් 17 බැගින් වූ බහාලුම්වලින් ශ්‍රී ල්ංකාවට යවන බවයි පෙට්‍රෝනට් ප්‍රධාන විධායක නිළධාරීවරායා පවසයි. මෙම සැපයුම් වසර පහක් සඳහා වන අතර එම කාලය තුළ සමාගම විසින් කොළඹ වරායේ පාවෙන LNG පර්යන්තයක් ඉදිකිරීමට නියමිත බවද ඔහු පවසයි.

“සැපයුම මාස 18 කින් හෝ ඊට වැඩි කාලයකින් ආරම්භ වනු ඇත,” ඔහු පැවසීය.

පෙට්‍රෝනෙට සමාගම කටාර්, ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවලින් LNG ආනයනය කරයි.ඒ සඳහා වන පර්යන්ත දෙකක් ඔවුන් සතු අතර ගුජරාටයේ සහ කේරළයේ එම පර්යන්ත පිහිටා ඇත.

ශ්‍රී ලංකාවට එවනා LNG ශීත කළ වායුව කොචින්වල සිට බහාලුම් මගින් ශ්‍රී ලංකවට එවීම සමාගමේ අපේක්ෂාව වෙයි. දින දෙකකට වරක් එවැනි බහාලුම් 100 ක් රැගෙන යාත්‍රාවක් ශ්‍රී ලංකාවට එවීම සමාගමේ අපේක්ෂාව වෙයි.

කොළඹදී ප්‍රති වායුකරණ ඒකකයක් මඟින් ගෑස් බලාගාරවල භාවිතය සඳහා LNG නැවත වායුමය තත්ත්වයට පත් කරනු ඇත. මෙම වයාපෘතිය සඳහා ඉන්දීය සමාගම රුපියල් කෝටි 2500 වැය කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!