ඉදිරියේදී මොන ආණ්ඩුව බලයට ආවත් මේ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන් බලයට පත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව පැවසූවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනුයේ අනාගතයේ කුමන ආණ්ඩුවක් පත්වූවද ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියත්මක ක්‍රමය ඉදිරියටත් අනුගමනය කිරීමට සිදුවන බවය .

ඊයේ පැවති මධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූවේ ඕනෑම රජයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රි ලංකවේ දැනට ක්‍රියාත්මක වැඩසටහන ගැන නැවත සාකච්ඡා කළ හැකි නමුත් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා දැනට තෝරාගෙන ඇති මාර්ගය අනුගමනය කිරීමට සිදුවන බවත්, එම මාවත කැඩී ගියහොත් ජාත්‍යන්තර වශයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් ය.

”IMF වැඩසටහන පසුගිය වසරේ සැප්තැම්බර් 1 වන දින ආරම්භ වුනා. පළමු වාරිකය ලබා දීමෙන් පසු, ඊළඟ වාරිකය ලබාදීමට පෙර අපගේ කැපවීම් මොනවාද යන්න නැවත සලකා බැලුවා. ඔහු පැවසීය.

විදේශීය රජයන් සහ අනෙකුත් වාණිජ ආයතන ණය සහන දීර්ඝ කරන්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට යන බව අවබෝධ කරගෙන පමණක් බව ඔහු අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!