ඈන් කුමරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්.

තෙදින නිළ සංචාරයක් අරඹමින් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූවාය.

බ්‍රිතාන්‍ය රාජකීය කුමරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව ජනාධිපතිමන්දිරයේදී සිදුවූ අතර එම අවස්ථාවට ඈන් කුමරියගේ සහකරු වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ද එක්ව සිටි බව ජනධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹා වසර 75 ක් සපිරිම නිමිත්තෙන් බ්‍රිතාන්‍ය කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!