ඇලස්කා ගුවන් සේවයේ යානයක කොටසක් ගුවනේදී කඩා වැටේ

Alaska Airlines ගුවන් සේවයට අයත් Boeing 737 Max 9 යානයක කොටසක් ගුවනේදී කඩා වැටීමෙන් පසු එම වර්ගයේ සෙසු ගුවන්යානා වහාම ගොඩබා පරීක්ෂාවකට ලක් කිරීමට එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) නියෝග කර ඇත.

එහි ප්‍රධාන ගුවන් පරිපාලකයා පැවසුවේ මෙම පරීක්ෂාවන් ගුවන් යානා 171 කට පමණ අදාල විය හැකි බවය.

සිකුරාදා ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් යානය එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයෙන් ගුවන්ගත වීමෙන් පසු හදිසි ගොඩබෑමක් කිරීමට සිදු විය.

මෙම පරීක්ෂාවෙන් පසු ඇතැම් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමට පවා සිදුවිය හැකිබව පෙඩරල් ගුවන් පාලන කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය . සාමාන්‍ය වශයෙන් මෙවන් පරීක්ෂාවක් සඳහා පැය හතරක පමණ කාලයක් වැයවෙන බැවින් සති අන්තයේ ගුවන් ගමන් 60 ක් පමණ අවලංගු වීමට ඉඩ ඇතිබව වාර්තා වෙයි.

අනතුරට පත් යානයේ ජනේලය සහිත කොටස ගැලවී ගොස් ඇති ආකාරය
මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!