ඇමෙරිකාව යළිත් සඳ ජයගනී.(Vedio)

මිනිසා සඳට පා තැබුවේ මීට වසර 55 කට පෙරය. ඒ 1969 ජූලිය . ඉන්පසුව ද කිහිප දෙනෙක් එහි ගියහ. නමුත් පර්යේෂණ මදක් ඇල් මැරුණේ ආර්ථික සමාජ යුදමය හා දේශපාලන ගැටලු හේතුවෙනි.

තවද අඟහරු තරණයට හා අභ්‍යවකාශ යුද (Spece wars) සඳහා ද ඇමෙරිකානු අවධානය යොමුවීම අනෙක් කරුණ ය. ඇමෙරිකාවේ වසරෙන් බාගයක් සීත ය. හිම පතනය ජන ජීවිත අඩාල කරයි. එසේ නොවන්නට ඇමෙරිකානුවන් මේ වන විට හඳ ට “හයි වේ එකක් හෝ පාළමක්” හදා අවසන් ය. 2030 දී හඳේ ජනාවාස පිහිටවීමේ ඇමෙරිකානු ඉලක්කය මත මෙම පෙබරවාරි 08 දා නාසා ආයතනය පෙරිග් ග්රීන් මිෂන් යානය සඳට යැව්ව ද එය අසාර්ථක විය.

එහෙත් ගේම් අතනොහැරීම ඇමෙරිකානු පිළිවෙතය. ” ඉන්ටුටිව් මැෂින්ස්” සමාගම කුළුදුල් සඳ තරණය පෙබරවාරි: 15 දා ඇරඹීය. ප්fලොරිඩා හි කැනවරල් තුඩුවෙන් ” ඔඩිසියස්” නම් රොබෝ යානය අභ්‍යවකාශ ගතවූයේ ලොව ලොකුම සල්ලිකාරයා වන එලෝන් මස්ක් ගේ ස්පේස් එක්ස් සමාගමේ ෆැල්කන් – 09 රොකට්ටුවේ සහායෙනි.

එය ඉතිහාසගත වන්නේ නාසා හා පෞද්ගලික ආයතනයක් එකට ක්‍රියා කිරීම හා ද්‍රව ඉන්ධන වලින් හඳ ට ගිය මුල්ම යානය ලෙසය. හඳේ ජල මුලාශ්‍ර තිබේ ද යන්න හා දුවිලි අංශු වල හැසිරීම මෙන්ම හඳේ දක්ෂිණ ධ්‍රවය ගැන පර්යේෂණ කිරීම මෙම ගමනේ අරමුණ ය.

කිලෝ මීටර 3,84,400 ක් දුර ගෙවා හඳ ට ගිය ඹඩිසියස් යානය හඳේ දක්ෂිණ ධ්‍රැවයේ මැරපාට් A ආවාටයට ගොඩ බැස්සේ සමාජ මාධ්‍ය හරහා ලෝකයම සජීවීව නරඹද්දීය. යානය ගිය හඳේ දකුණු ප්‍රදේශයට හිරු එළිය පතිත නොවන ගැඹුරු ආවාට වලින් ගහන ප්‍රදේශයකි. එම ආවාට වල සීතල ජලය පවතින බව විද්‍යාඥයන් ගේ මතය වේ. හුස්ම ගැනීමට හා ඉන්ධන නිපදවීමට එම පසුබිම සුබවාදී බව ද කියවේ.

තවද මෙම යානයෙන් ඇමෙරිකානු මූර්ති ශිල්පී ජෙෆ් කුන්සු නිර්මාණය කල කුඩා මූර්ති 125 ක් රැගෙන ගිය අතර කළා කෘති සඳ ට ගිය මුල් ම අවස්ථාව ද මෙය වේ. මෙය ඇමෙරිකාවට පමණක් නොව මිනිස් සංහතිය ලැබූ තවත් සුවිශේෂ විජයග්‍රහණයක් බව ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකයේම පිළිගැනීම ය. පහත වීඩියෝව නරඹන්න

අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!