ඇමරිකානු සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදහන්

ලාස්වේගාස් සිට කැලිෆෝනියාව දක්වා පියාසර කරමින් තිබූ අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

අමෙරිකාවේ ලාස් වේගාස් ආසන්නයේ පිහිටි කඳවුරක සිට කැලිෆෝනියාව බලා පියාසර කරමින් තිබියදී එම හෙලිකොප්ටර් යානය අතුරුදන්ව ඇත.

CH-53E Super Stallion වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය අතුරුදහන් වන අවස්ථාවේ එහි මැරීන් භටයින් පස්දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!