ඇපල් සමාගමේ විද්‍යුත් මෝටර් රථ ව්‍යාපෘතිය ඇණහිටී

ඇපල් සමාගම විසින් විද්‍යුත් මොටර් රථයක් නිෂ්පාදනය කිරීමට දියත් කර තිබූ ව්‍යාපෘතිය අවලංගු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව දශකයක පමණ කාලයක් විද්‍යුත් මෝටර් රථයක් නිෂ්පාදනය සඳහා ඇපල් සමඟම ගෙනගිය වැඩ සටහන නිමාවට පත්වෙන බවටද සඳහන්ය. ඇපල් සමාගම නිල වශයෙන් තමන් විද්‍යුත් මෝටර් රථයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් නොකළද ඒ සඳහා දෙදහසක පමණ පිරිසක් සේවයට යොදවාගෙන තිබූ බවට අවස්ථා ගණනාවකදී වාර්තා විය.

මෙම තත්ත්වයත් සමඟ විද්‍යූත් මෝටර් රථ නිර්මාණයට යොදාගෙන සිටි සේවකයින් පිරිස ඇපල් සමාගම විසින් සිය නවත කෘතිම බුද්ධි ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නියමිතය.

ඇපල් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් සිය විද්‍යූත් මොටර් රථ ව්‍යාපෘතියට වැයකර ඇති බවට අනාවරණය වන අතර සමාගමේ ප්‍රධාන විධායක ටිම් කූක්ගේ සෘජු අධීක්ෂණයට යටත්ව තිබූ බවටද සඳහන්ය.

ලොව පුරා විද්‍යූත් මොටර් රථ සඳහා පවති ඉල්ලුම පසුගිය කාලයේදී පහත වැටුණු අතර ඊට එහි පවතින ඇතැම් තාක්ෂණික අභියෝග මූලික හේතුවක් වී තිබේ. ඒ අනුව මොටර් රථ සමාගම් රැසක් විද්‍යුත් මෝටර් රථ වෙනුවෙන් යොමු කළ අවධානය පහළ ගොස් ඇති බවටද අනාවරණය වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!