අරගලය අස්සේ රනිගේ හක්ගෙඩිය හොරකම් කළ අයට රුපියල් 1500 ක දඩයක්

අරගලකරුවන් විසින් 2022/07/09 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල් පාරේ පිහිටි පුද්ගලික නිවස ගිනි තැබූ අවස්තාවේ එහි තිබූ ලෝහමය හක් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගන්න ලදි.

මෙලෙස වරද පිළිගන්න ලැබුවේ බොරලැස්ගමුව පදිංචි සුපුන් හන්සක නම් තරුණයෙකි . අයුතු ඇතුළු වීම සහ සොරකම් කිරීම යන වැරදි සඳහා ඔහුට වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ අධිකරණය එය වසර පහකට අත්හිටුවන ලදි. ඊට අමතරව ඔහුට රුපියල් 1500/- දඩයක් ද අධිකරණය නියම කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!