ආබාධ සහිත පුද්ගලයන්ට සියලු මානව අයිතිවාසිකම් ලඟදීම

ආබාධ සහිත තැනැත්තන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම් දීමට අදාල මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව විසින් 2016 වර්ෂයේදී අත්සන් තබා ඇත. එකී සම්මුතියේ 4 වන ව්‍යවස්ථාව අනුව ආබාධිතභාවය පදනම් කර ගනිමින් කවර ආකාරයේ හෝ වෙනස්කමකට භාජනය කිරීමකින් තොරව ආබාධ සහිත සියලුම තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීම සහ ප්‍රවර්ධනය රාජ්‍යයන් විසින් සිදු කළ යුතුව ඇත.

ඒ සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කරමින් නව පනතක් හඳුන්වා දීම සඳහා මෙන්ම ඉහත කමිටුව විසින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත මත පදනම්ව එකී කාර්යය සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම සිදු කළ යුතුය.

එම නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි වී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *