ආනයනකරුවන් කරනා කැත වැඩක් මුදල් රාජ්‍ය ඇමති හෙළිකරයි

දෛනිකව ආනයනය කෙරෙන 700 පමණ වන බහාලුම් ප්‍රමාණය දිනක් තුළ 1000 ඉක්මවා යාමට හේතුව වැට් වැඩි වීමේ වාසිය අයුතු ලෙස හිමි කර ගැනීමට ආනයනකරුවන් හිතාමතා සිදු කළ ක්‍රියාවක් බව අමාත්‍යවරයා පවසයි.

මෙම ආනයනකරුවන්ගේ උපක්‍රමය වී ඇත්තේ වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවෙන ජනවාරි මස පළමු වැනිදාට පෙර මෙම භාණ්ඩ නිෂ්කාශන කටයුතු අවසන් කර ඒවා අලෙවි කිරීමේ දී වැට් සහිතව ආනයනය කළ භාණ්ඩ ලෙස ඉහළ මිලකට අලෙවි කිරීම බවය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙවැනි ක්‍රියා මැඩ පැවැත්වීමට මැදිහත් වීම ජනමාධ්‍යයේ ද කාර්ය භාරයක් බව හෙතෙම සඳහන් කරයි.

මෙම තත්ත්වය නිසා වරාය අශ්‍රිතව දැඩි බහාළුම් තදබදයක් නිර්මාණය වී ඇතිබව වාර්තාවේ.

මේ අතර වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් යළිත් මධ්‍යසාර මිල ඉහළ දැමීමට සිදු වීමට පිළිබඳ ව ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. ඔහු කියා සිටියේ ඉන්ධන, ගෑස්, රසායනික පොහොර වැනි දෑ වැට් බද්දට යටත් කළද වරාය හා ගුවන්තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ගත් තීරණය හේතුවෙන් අහිමි වන ආදායම තුලනය කිරීම සඳහා මධ්‍යසාර වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල ඉහළ දැමිමට සිදුවෙන බවයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!