ආණ්ඩුව DAT උගුලේ සිරවේ. දෙපාර්ශවයකින් වර්ජන කරන බවට තර්ජන

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා වැඩවර්ජනය හෙට (03) පෙරවරු 6.30 සිට අත්හිටුවීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති තීරණය කර ඇත. වෛද්‍ය වෘතිකයන්ට ලබාදෙන DAT දීමනාව සෙසු සෞඛ්‍ය සේවකයන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සති කිහිපයක සිට සෞඛ්‍ය සේවකයෝ වර්ජනයක් අරඹා තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරයාගේ ධනාත්මක මැදිහත්වීම සළකා බලා ලබන බදාදා තෙක් වැඩ වර්ජනය අත් හිටවීමට තීරණය කළබව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරනා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෙසු සෞඛ්‍ය සේවකයන්ට අදාල නොවනා DAT දීමනාව ලබාදීමට රජය කටයුතු කළහොත් එමගින් ඇතිවිය හැකි විෂමතාවයන් නිවැරදි කිරීමට රජයට සිදුවෙනු ඇති බව පවසයි . නොඑසේනම් ඊට එරෙහිව වැඩ වර්ජනයකට පිවිසීමට තමන්ට සිදුවෙනු ඇති බව එම සංගමය අවධාරණය කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!