ආණ්ඩුව වෙනස් වුනොත් රට නැවතත් අර්බුදයට යනවා.

මේ වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවත්, මේ අවස්ථාවේ ආණ්ඩුව වෙනස්වුවහොත් නැවතත් රට අගාදයකට යා හැකි බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තීල් තොණ්ඩමාන් පවසයි .

“මේ රට විශාල ආර්ථික අර්බුදයකට… ණය අර්බුදයකට ගියා. මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්න කිසිම දේශපාලනඥයෙක් ඉදිරිපත් වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි වගකීම භාර ගත්තා. ඔහු ආර්ථිකය ස්ථාවර කර ඇති අතර රට යථා තත්ත්වයට පත්කරමින් ඉන්නවා . නමුත් ආණ්ඩුවේ වෙනසක් උනොත් මොකද වෙන්නේ මේ සමස්ත සංවර්ධනයම පටන් ගත් තැනටම නැවත ගොස් ආර්ථික දුෂ්කරතාවල බර නැවත ජනතාවට දරන්නට සිදු වෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සිදු කෙරෙන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, අවශ්‍ය අරමුදල් සහ සහයෝගය ලබා ගැනීමට ජනාධිපතිවරයා ගෝලීය නියෝජිතායතනය සමඟ කටයුතු කරන බවත්, රට හොඳින් හා සැබවින්ම පවතින බවත්ය. එමෙන්ම රට යථා තත්ත්වයට පත් වීමේ මාවතට පිවිස ඇති බවත් ඔහු සඳහන් කළේය .

වැඩි දුරටත් අදහස් දක්වමින් නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය,

“ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව සිතන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය නැවත පැමිණ ඉදිරි වසර පහ තුළ රට ඉදිරියට ගෙන යනු ඇති බවයි. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර අපි ඔවුන්ගේ සියලු මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිටිමු. අපේ ජාතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව අපට විශ්වාසයි.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!