ආගමන විගමන දෙපාර්තමේන්තුවට පොලිස් ආරක්ෂාව

විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.

ඊයේ (27) පස්වරුවේ සිටම විශාල පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෝලිම්වල රැඳී සිට ඇති අතර අද පෙරවරුවේද තවත් පිරිසක් පැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මෙම තත්ත්වය පාලනය සඳහා පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!