අව්ව, වැස්ස දෙකත් තේ වතු හිමියන්ට හරහට හිටී.

මාස හයක් පුරා දිවයිනට ඇදහැලුණු වර්ෂාව හා මාසයකට අධික කාලයක් පැවැති වියලි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර තුන්දාහක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසයි.

කුඩා තේ ඉඩම්වල තේ දළු ඵලදාවද මේ වන විට ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් තේ දළු නෙලන්නියන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

නිල්වලා ගඟෙහි ලවන බාධකය හේතුවෙන් ජලය බැස නොයෑමෙන් තේ ගස් විනාශ වෙද්දී පොහොර ගැටලුවත්, අධික වියලි කාලගුණයක් හේතුවෙන් ඉතා ඉක්මනින් තේ ගස් විනාශ වී ගොස් ඇති අතර අස්වැන්න අඩුවීමෙන් දළු නෙලන්නියන්ටද දෛනික කුළී ගෙවීමට නොහැකියි වී ඇති බවයි කුඩා තේ වතු හිමියන් තවදුරටත් පවසන්නේ.

දිනපතා රැකියාව කළ පුද්ගලයින්ට දැන් සතියකට එක් දිනක් වරුවකට පමණක් රැකියාව සීමා වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජනජීවිතයටද බාධා එල්ල වී ඇති බවද ජීවත්වීමට තිබූ එකම ආදායම් මාර්ගය අඩාල වී තිබියදී සමෘද්ධි හා අස්වැසුම් දීමනා නතර කිරීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණපාමින් සිටින බවයි ප්‍රදේශයේ තේ දළු නෙලන්නියෝ පවසති.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!