අවලෝකිතේෂ්වර බෝ සතුන් රිමාන්ඩ්..

අවලෝකිතේෂ්වර නමින් පෙනීසිටි මහින්ද කොඩිතුවක්කු අද(16) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනවාරි 24දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත්තේ, පන්නිපිටිය ප්‍රදේශයේදීය.

මෙම පුද්ගලයා පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඉන්පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන පවත්වා ඇත. මෙහිදී එම දේශනයන්ට සහභාගී වූ අනුගාමිකයින් විසින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මොහුගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විවිධ පාර්ශවයන් විසින් පැමිණිලි කර ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!