අවලෝකිතේශ්වර බෝධිසත්වයා අත් අඩංගුවට ගනී.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අද පස්වරුවේ පන්නිපිටියේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය.

ඒ අනුව මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශණයේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!