අල්ලස් කොමිසමේ සභාපති ධූරයට නීල් ඉද්දවෙල පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු නීල් ඉද්දවල පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. ඔහු මීට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළේය .

2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි අනෙකුත් සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ පත් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!