අල්කයිඩා සංවිධානයට සහය දුන් ශ්‍රි ලාංකිකයන් හතර දෙනෙකුට ජාත්‍යන්තර රතු වරෙන්තු .

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල දුන් බවට සැකකරන දැනට විදේශගතව සිටින බව කියන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ නියෝග කළේය.

මෙම නියෝගය කරා ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

මෙලෙස රතු වරෙන්තු නිකුත් කරනු ලැබුවේ කල්එළිය, කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි, දැනට ඔස්ට්‍රේලියාවේ සහ සිරියාවේ පදිංචිව සිටින බවත් පැවසෙන පියා පුතු දෙපලක් ඇතුළු පිරිසකටය.

මෙලෙස රතු වරෙන්තු නිකුත් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් බව කියන අහමඩ් ඛලීල් ලුක්මාන් තලිබ්, අහමන් ලුක්මන්ද් හලීන්, අබ්දුල් බහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ් පහීර් රිෆාන් නමැති සිව් දෙනෙකුටය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!