අර්ජුනට හොරෙන් රොෂාන් සහ ශම්මි සිල්වා අතර හමුවක් (Vedio)

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම ධූරය හොබවන සමයේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා හොර රහසේ හමුවූ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර සඳහන් කරයි.

අමාත්‍යධුරය දරණ සමයේ අර්ජුණ රණතුංගට හොරෙන් තමාට ශම්මි සිල්වා හමුවිය යුතුබව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසූ බවත්, ඒ අනුව තමාගේ නිවසේදී දෙවරක් රොෂාන් සහ ශම්මි සිල්වා හමුවූ බවත් ඔහු පැවසීය.

ක්‍රීඩා පණත අනුව ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ට වෙනත් ක්‍රීඩා සමාජවල තනතුරු දැරිය නොහැකි මුත්, අර්ජුණ රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කරනා අතර තුර, S.S.C ක්‍රීඩා සමාජයේ විධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළබව ඔහු පවසයි . ඒ අනුව අර්ජුණ රණතුංග ක්‍රීඩා සභාවට පත්කිරිම මගින් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පණත උල්ලංඝණය කළබව සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙයි .

විදේශ සංචාරයන්ට සහභාගීවෙන ක්‍රීඩා සංගම්වල නිළධාරීන්ගේ නාම ලේඛණ පිළිබඳ තීරණය ගතයුත්තේ අමාත්‍යවරයා වන නමුත් පසු ගිය කාලයේ එම ලේඛ්ණවලින් නම් කපාදැමීම කළේ අර්ජුන රණතුංග බවද ඔහු පැසසීය.

අන්තර්ජාල නාළිකාවලට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!