අමෙරිකාවෙන් ඩොලර් මිලියන 39.6ක ඖෂධ ප්‍රදානයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකා එක්සත් ජනපදයේ Helpline Lanka හරහා ප්‍රදානය කෙරිණි.

මෙම ඖෂධ ආධාර තොගය මෙරට අමෙරිකා තානාපති ජූලි චං විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත ලබා දුන්නාය.

ආසාදන තත්ත්ව ,කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල “අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් උදව් උපකාර කළ මිතුරු රටවල් සියල්ලටම ගෞරව ස්තුතිය පුද කර සිටින බවත් , එම අර්බුදකාරී තත්ත්වයට පෙර පැවති වසංගත කාලයේ පටන්ම සියලුම රටවල් මිත්‍රශීලී වෙමින් ශ්‍රී ලංකාව අත්නොහැර හැකි සෑම අයුරින්ම උපකාර කළ බවත්” අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ලැබෙන ඖෂධ රේගුවෙන් නිදහස් කරගැනීමට ගත වන කාලය අඩු කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් එහිදී ආධාර වශයෙන් ලැබෙන ඖෂධ සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දදක්වමින් කියා සිටියේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *