අමෙරිකාවට ටොනෙඩෝ සුළි කුණාටුවක්..නිවාස 400ක් විනාශයි.

අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේන අතර තවත් ප්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ අනතුරු ඇඟවීම් යටතේ පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පූර්ණ‍යෙන් විනාශ වී ඇති බවද වාර්තා වේ.

පසුගිය සතියේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ මෙවැනිම ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් නිවාස හා දේපළ රැසකට දැඩි අලාභ හානි සිදුව තිබුණි.

ඉදිරි පැය කිහිපය ඇතුළත අධික වැසි, ටොනෙඩෝ සහ දැඩි හානිදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *