අධිකරණ රාජ්‍ය ඇමතිගේ නීතිවිරෝධි වැඩකට එරෙහිවූ ප්‍රාදේශීය ලේකම්වරියට ස්ථාන මාරුවක්

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයතා ලෙස පරිකරණය කරමින් තිබූ රාජ්‍ය දේපළ පිළිගත් නීතියට අනුව නැවත පවරා ගැනීමට ගිය උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය සේවා, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය වෙත ස්ථාන මාරු කර ඇතිබව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.

උඩපළාත රජයේ ඉඩමක් අනීතිකව අත්පත් කරගෙන, එහි රජයේ මුදල්‍ යොදවා සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකර එහි ආදායම පෞද්ගලික කටයුතු සඳහා යොදාගත්තේයයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට චෝදනා එල්ලවී තිබුනි. ඒ පිළිබඳව කෙරුණ පරීක්ෂණයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාට එම පරිශ්‍රයෙන් 2024.02.12 දිනට පෙර එම දෙපළෙන් ඉවත්වන ලෙස උඩපළාත රාජ්‍ය ලෙකම් ආත්මා ජයරත්න විසින් ලිඛිතව දැනුම්දී තිබුනි.

රජයේ ඉඩම් නැවත ලබාගැනීමේ පනතට අනුව එම රාජ්‍ය දේපළ කැර යන මෙන් වන නිවේදනය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එම ගොඩනැගිල්ලේ පසුගිය 12 වනදා අලවා ඇත ඉන් දෙසතියක් ඉක්මවීමට මත්තෙන් මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කර ඇතිබව වාර්තා වේ.

ප්‍රාදේශීය ලේකම්වරිය අදාල නිවේදනය අලවමින්
මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!