අදසිට පොලිස්පති කෙනෙක් නෑ

පොලිස්පති සී ඩී වික්‍රමසිංහගේ දෙවෙනි සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ. ඒ අනුව අද දින සිට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වනුයේ පොලිස්පතිවරයෙක් නොමැතිවය.

වාර්තාවන අන්දමට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා දෙපාර්තමේන්තුවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙමින් තිබේ . විශේෂයෙන් එහි පරිපාලන කටයුතු කරගෙන යාමේදී ගැටලුකාරී තත්වයක් ඇතිවෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුක් තිදෙනකු නම් පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලබා සිටියද මෙතෙක් පොලිස්පති ධූරය සඳහා කිසිම නමක් ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත්වී නැති බව දැනගන්නට තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *