අදරවන්තයන්ගේ සටනේදී දිනුර කළුපහනහෙන් නොදැවුන අර්ධ ශතකයක්

118 වන මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් ගැටුම මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වී තිබේ .කාසියෙ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ප්‍රතමව පන්දුවට පහර දීමේ අවස්ථාව මහින්ද විද්‍යාලයට ලබාදෙන ලදි.

ඒ අනුව පිටියට පිවිසි මහින්ද ආරම්භක පිතිකරුවන් පළමු කඩුක්ක වෙනුවෙන් මේ වන විට නොබිදුන ලකුණු 70 ක සබඳතාවයක් පවත්වාගෙන යමින් තිබේ. එහිදී ආරම්භක පිතිකරු දිනුර කළුපහන අද්විතීය පිතිහරඹයක යෙදෙමෙන් නොදැවී ලකුණු 50 ක් ලබා සිටි .

මෙම ලකුණු 70 ලබාගැනිමට මහින්ද පිල ඕවර 13 කට මුහුණ දුන් අතර එහිදී ඔවුන් දැඩි ආක්‍රමණශිලී පිති ප්‍රහාරයක යෙදෙනු දැක ගත හැකි විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *