අඩක් ආදාහනය කරමින් තිබූ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා ගෙනයයි

ආදාහනය කරමින් තිබූ සිරුරක් පිටතට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකළ අති දුර්ලභ අවස්ථාවක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වේ. හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජයවර්ධන සහ පොලිස් කණ්ඩායමක් මැදිහත් වී මෙලෙස ආදාහනය කරමින් තිබූ මෘතදේහයක් පස්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

මෙලෙස පස්චාද මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිවම් සිටි ආර්.ඩී.එස්. රණසිංහ (81) නමැති කාන්තාවකි.ඇය මීරිගම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක රැඳවියෙකි. හදිසියේ රෝගාතුර වී ඇය මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇත. එම කාන්තාව නියුමෝනියාව වැළඳීමෙන් මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත. අතර ඒ අනුව දේහය ආදාහනය කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ භාරකරු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමත් සමඟ මෘත දේහය මීරිගම ආදාහනාගාරයේ ආදාහනය කිරීමට වැඩිහිටි නිවාසයේ බාරකරුවන් කටයුතු කර තිබුණි.

මේ අතර, මියගිය කාන්තාවගේ ඥාතියෙකු විසින් ගම්පහ කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලකට අනුව මීරිගම පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි . ඒ අනුව හදිසි මරණ පරීක්‍ෂක ආදාහනාගාරයට කැඳවා ආදාහනය කරමින් තිබූ දේහය ඉවත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහල වෙත යොමු කළහ.

මීරිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් හෙට්ටිආරච්චි මහතා වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!