මතීෂ සහ ඩිල්ෂාන් වෙනුවට ශිරාස් සහ එෂාන්

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක යන දෙදෙනාම ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා.

ඩිල්ෂාන් මදුශංකගේ වම් පාදය ආබාධයකට ලක්ව ඇති අතර මතීෂ පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එසේම කුසල් ජනිත්, ප්‍රමෝද් මදුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක කිරීමට ද තීරණය කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) දිනයේදී කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.