හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාගේ දේපල කිහිපයක් තහනම්

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාට අයත් දේපොළ කිහිපයක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරුණේ.

අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් බව කියන ඉඩම් තුනක් සහ වාහන තුනක් විමර්ශන කටයුතු සඳහා දූෂණ විරෝධී පනත යටතේ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය අදාළ දේපොළ දෙසැම්බර් මස 18 වනදා දක්වා තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!