මීරිගම ප්‍රදේශයේ පක්ෂ කාර්යාල කිහිපයකට ගිනි තියලා

මීරිගම බොකළගම ප්‍රදේශයේ පක්ෂ කාර්යාල දෙකකට හා දිවුලපිටිය කිතුල්වල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයකට ගිනි තබා අලාභ හානි සිදුකර තිබෙනවා.

කිතුල්වල ගිනිදම්මමන හන්දියේ පිහිටි පක්ෂ කාර්යාලයක නාම පුවරුවල තැනින් තැන ගින්නෙන් හානි වී ඇති අතර ඊට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි හීදිවල ගම්මානයේ කාර්යලයක ද නාම පුවරු සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන් වනවා.

එම ස්ථානයට මීට දෙසීයක් පමණ දුරින් පිහිටි තවත් අපේක්ෂකයෙකුගේ කාර්යාලයක නාම පුවරුවල තැනින් තැන ගිනි තබා හානි සිදුකර තිබීම දැකගැනීමට හැකියි.

හීදිවල ප්‍රදේශයේ ගිනි තබා තිබූ ස්ථාන දෙක අසල අත් අකුරින් ලියූ පෝස්ටර් කිහිපයක් දමා ගොස් පොලිසියට හමු වී ඇති අතර ඒවා පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කළ උත්සාහයක් බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

එක් කාර්යාලය අසල වැටී තිබූ ගිනි පෙට්ටියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.