තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛදවරයා රෝගී තත්වයක් දක්වමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව පිළිගත හැකි එකක් නොවන බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්රමුඛ පංචපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය.
වෛද්‍ය වාර්තාවේ සඳහන් රෝගී තත්වය අනුව විත්තිකාර වෛද්‍යවරයාට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරම් රෝගී තත්වයක් නොමැති බව සඳහන් කරමින් විනිසුරුවරයා අසත්‍ය තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නිර්වින්දන වෛදවරයකු බව කියන හපුආරච්චිගේ දොන් බුද්ධික නුවන් කරුණාරත්න මහතාය.