පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල – හින්දු අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා 2023 මාර්තු මාසයේදී නාම යෝජනා කැදවනු ලැබුවේය. එම මැතිවරණය පැවැත්වීමට මේ වන විට වසරකට වඩා වැඩි කාලයකට කල් ගොස් තිබේ.
මේ නිසා අලුතින් නාම යෝජනා කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. නාම යෝජනා ලබාදී ඇති ඇතැම් දේශපාලන සන්ධාන මේ වන විට විසුරවා ඇති බවද ඒ නිසා අලුතින් නාම යෝජනා කැදවීම වැදගත් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.