ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම (SCOPE) සඳහා ක්‍රියාත්මක කළ “එකමුතුබවේ දෝංකාරය” වැඩසටහනේ නිළ සමාප්ති වැඩසටහන ඔක්තොම්බර් 30 වන දින ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විනි. එය ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වසර තුනහමාරක කාලයක් තිස්සේ කරන ලද කාර්යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරනු ලැබීය.
2022 මාර්තු මාසයේ සිට ඇරඹි SCOPE වැඩසටහන, ප්‍රජා සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම, වඩාත් අන්තර්කරණය වූ මහජන කතිකාවක් ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික අන්තර්කරණය සඳහා රජයේ සහ සිවිල් සමාජ හවුල්කරුවන් 50 කට වැඩි පිරිසක් සමඟ කටයුතු කර ඇත. එහි ක්‍රියාත්මක කාලය තුළ, SCOPE ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම 175,000 කට අධික පිරිසක් සමඟ සම්බන්ධ වී ඇත. SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම-අරමුදල් සපයන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
SCOPE හි සමාප්ති වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සමාජය, විද්වතුන්, මාධ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් රැසක් එක් වූහ. වැඩසටහනේ ලද සාර්ථකත්වයන් සැමරීම, ඉන් උගත් පාඩම් ආවර්ජනය සහ ඉදිරි වසරවලදී සමාජ සහජීවනය සඳහා ගම්‍යතාවය පවත්වා ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට සිදු විය.
සම්භාවනීය අමුත්තන් අතරට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, වත්මන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මුනීර් මුලෆර්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාමන් මොරේනෝ මහත්මිය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ඇතුළත් වූහ.
වැඩසටහනෙන් සිදු වූ සමාජ බලපෑම අවධාරණය කරමින් ගරු කාමන් මොරෙනෝ මහත්මිය මෙසේ සඳහන් කළේය. “පසුගිය වසර තුනහමාරක කාලය තුළ, SCOPE වැඩසටහන, ආයතන, ප්‍රජාවන් සහ පුද්ගලයන් අතර පාලම් ගොඩනැගීමට උපකාරී වී තිබෙනවා. සමාජ සහජීවනය ශක්තිමත් කිරීමේ මෙම උත්සාහයට සහාය දැක්වීමට හැකි වීම ගැන යුරෝපා සංගමය ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාව මෙම ගමන අඛණ්ඩව යන විට, SCOPE හරහා උගත් පාඩම් සහ ගොඩනගාගත් හවුල්කාරිත්වයන් කල් පවතින දායකත්වයක් ලෙස පවතිනු ඇති.”
යුරෝපා සංගමයේ සහ ජර්මනියේ පොදු කැපවීම අවධාරණය කරමින්, ගරු ෆීලික්ස් නියුමන් මහතා මෙසේ අවධාරණය කළේය. “විවෘත සංවාදය, සංහිඳියාව සහ අතීතයෙන් ඉගෙනීම සඳහා ජර්මනිය විශාල වැදගත්කමක් ලබා දෙනවා. අවංක අදහස් පරාවර්තනය සහ සහයෝගීතාවය කල් පවතින සමාජ සහජීවනය සඳහා අත්තිවාරම් ගොඩනගා ගත හැකි ආකාරය SCOPE පෙන්වා දී තිබෙනවා. ආයතන ශක්තිමත් කරන සහ ප්‍රජාවන්ට එකට ඉදිරියට යාමට බලය ලබා දෙන වැඩසටහනකට සහාය දැක්වීම ගැන අපි ආඩම්බර වෙනවා.”
සම්භාවනීය අමුත්තන්ගේ දේශනවලට අමතරව, SCOPE හි බලපෑම සහ ප්‍රතිඵල පිළිබඳ ඉදිරිපත් කිරීමක්, බෙදාගත් ඉගෙනුම් පිළිබඳව නියෝජිතයින් සමඟ විද්වත් සාකච්ඡාවක් සහ දිවයින පුරා පුද්ගල ආඛ්‍යාන සහ ප්‍රජා අත්දැකීම් ග්‍රහණය කරගත් ඡායාරූප කථා පොතක් එළිදැක්වීම මෙහි දී සිදු විය. නිර්මාණාත්මක ප්රකාශනය තුළින් එකමුතුකම සමරමින්, ලලිත ටෙම්පල් ඔෆ් ෆයින් ආර්ට්ස් විසින් සිදු කළ ඉදිරිපත්කිරීමකින් උත්සවය අවසන් වූ අතර, ඉන්පසු SCOPE හි හවුල්කරුවන් සහ සහයෝගිතාකරුවන් අගය කිරීම සඳහා වූ අංගයක් ද පැවැත්විණි. SCOPE හි සහාය ඇතිව ක්‍රියාත්මක වූ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, මතක සංචිතය සහ ශ්‍රී ලංකා බැරෝමීටර් සඳහා වූ ප්‍රදර්ශන කුටි ද මෙහි ඇතුළත් විය.
මෙම උත්සවය සැමරුමක් සහ පරාවර්තනයේ මොහොතක් වූ අතර, SCOPE හි සාර්ථකත්වය වෙනුවෙන් ගත් සාමූහික උත්සාහයන් සහ ශ්‍රී ලංකාව පුරා කළ සංවාද, අන්තර්කරණය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කැපවූ බොහෝ පිරිස් සහ සංවිධාන අගයන ලද කළ මොහොතක් විය.



