ජෝ බයිඩන්ගෙන් රන් සම්මාන දිනූ සනුහක් දිවයිනට

ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත් එකොළොස් හැවිරිදි වොරන්ට් සනුහක් පින්නවලගේ , ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට සහ විශේෂයෙන්ම දුප්පත් පාසැල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා ඊයේ (02) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සනුහක් පින්නවලගේ වෙත රන් සම්මානයක් ප්‍රදානය කර තිබුණේ ලෝකයේ මෙතෙක් පැවති යුද්ධවලින් අසරණ වී සිටින ජනතාවට සනුහක් පින්නවලගේ සිදු කළ උදව් උපකාර සහ සත්කාර අගය කිරීම සඳහායි.

සනුහක් පින්නවලගේ දෙමාපියන් අමෙරිකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටින අතර ඔවුන් මීට පෙර කොළඹ , මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ව සිට තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!