ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජනබලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අද (08) නිල වශයෙන් එළි දක්වනු ලැබුවා.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව, එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා ගොඩ නැගෙන මෙම සන්ධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
මෙරට ඉතිහාසයේ ගොඩ නැගෙන දැවැන්තම සන්ධානය එය බව පසුගිය දා සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ප්‍රකාශ කර සිටි අතර නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්රගතිශීලි සන්ධානය සහ උතුර – නැගෙනහිර පක්ෂ කිහිපයක් එම සන්ධානයේ පාර්ශ්වකරුවන් වනවා.