සජිත්ට හොරෙන් ජලනි හා ලක්ෂ්මන්ගෙන් දෙරණට ලිපියක්

සජිත් ප්‍රේමදාස මහතා අද  දෙරණ 360 විශේෂ වැඩසටහනට සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට දෙරණ නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම පිලීබදව සජිත් පේමදාස මහතා වෙනුවෙන් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා ලිපියක් මගින් විරෝධය පල කර තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණෙන බව දැනුම් දී තිබෙන පසුබිමක දෙරණ නාලිකාව  මෙලෙස පූර්ව ප්‍රචාරක පට නිකුත් කර ඇති බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා මෙම වැඩසටහනට සහභාගී නොවන බව දැනුම් දී ඇත්තේ අවසන් මොහොතේ වන අතර ඊට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබුණේ ද නැති බව වාර්තා වනවා.


මෙම ලිපිය ඒවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටද හොර රහසේ බවත් එය නිකුත් කර ඇත්තේ ජලනි ප්‍රේමදාස හා ලක්ෂ්මන් ෆොන්සේකා යන දෙදෙනා පමණක් දැනුවත්ව බවයි වාර්තා වන්නේ.