සජිත් දෙරණට පොල්ල තියයි – 360 මගහරී

දෙරණ නාලිකාවේ අද (17) රාත්‍රියේ දෙරණ 360 විශේෂ වැඩසටහනට සහභාගී වීමට නියමිතව සිටි සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එම වැඩසටහන මඟ හැර තිබෙනවා.

මේ නිසා එම ආයතනය දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මේ වන විට අදාළ වැඩසටහන විකාශනය වීමට නියමිතව තිබු වෙලාවේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ පක්ෂ නියෝජනය වන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගී කරගනිමින් වෙනත් දේශපාලන වැඩසටහනක් විකාශනය කෙරෙන බවත් වාර්තා වනවා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව් ඩී වීරසිංහ , සමගි ජන බලවේගය නියෝජනය කරමින් අජිත් මාන්නප්පෙරුම ,ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස සහ සර්ව ජන බලය නියෝජනය කරමින් ගෙවිදු කුමාරතුංග යන මහත්වරු සහභාගී වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!