සජිත්ගේ වත්කම් බැරකම් මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඔහුට රුපියල් කෝටි දහසයකට අධික වත්කම් තිබෙන බව අනාවරණය වේ.

ඒ අතරම ඔහු ලබාගත් ණය හා වෙනත් මූල්‍ය බැදීම්වල වටිනාකම රුපියල් කෝටි දොළහකට පදික බවද අනාවරණය වේ.

සජිත් ප්‍රේමදාස ෂතුව නිවාස හා තට්ටු නිවාස සංකීර්ණවල නිවාස හතරක් ඇති අතර කුඹුරු ඇතුළු තවත් ඉඩම් වන බවද වත්කම් බැරකම් ප්‍රකාශයේ දැක්වේ.

ඔහු සතුව පවතින වැඩිම වටිනාකමකින් යුත් නිවසේ වටිනාකම රුපියල් මිලියන හැටකි. ඔහු සතු තට්ටු නිවාස සංකීර්ණයේ නිවසේ වටිනාකම රුපියල් මිලියන 17කි. ඔහු සතුව රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඉඩම්ද වේ.

සජිත් ප්‍රේමදාස සතුව වාහන පහක් ඇති අතර ඒ සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 19.8කි. 1992 වසරේදී මිලදී ගත් ඩබල් කැබ් රථ දෙකක් වන අතර එහි එකක වටිනාකම ලක්ෂ අටකි. 2017 වසරේදී මිලදී ගත් බෙන්ස් රථයේ වටිනාකම රුපියල් මිලියන 10කි.

කොටස් වෙළදපොලේ සජිත් ප්‍රේමදාස කර ඇති ආයෝජනය මිලියන 35.6කි.

බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඔහු මිලියන 28.2ක ණය මුදල් ලබාගෙන ඇත. ඊට අමතරව රුපියල් මිලියන 92.8ක මූල්‍ය බැදීම් තිබෙන බවද ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ දැක්වේ.