රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මව්බිම ජනතා පක්ෂය හා සම්බන්ධ වී තිබෙනවා.

ඒ අනුව ඒ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණා.

එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද සිය පත්වීම ලබා ගත්තා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙසද පත්කර තිබෙනවා.