රිතික් රෝෂන් ලංකාවට

සිනමන් City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීම් සදහා රිතික් රෝෂන් ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.

අගොස්තු දෙවැනිදා මෙලෙස ඔහු City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීම් සදහා සහභාගී වේ.

මීට පෙර City of Dreams Sri Lanka හෝටලය විවෘත කිරීම සදහා සහභාගීවීමට නියමිතව සිටියේ ශාරුක් ඛාන්ය. එහෙත් ශාරුක් ඛාන් ලංකාවට පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි.

ඒ අනුව මෙම විවෘත කිරීමේ අවස්ථාව රිතික් රෝෂන් පැමිණේ.

City of Dreams Sri Lanka හෝටලය ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් වන අතර එය පුද්ගලික අංශය විසින් මෙරටදී කරනු ලැබූ විශාල අයෝජනයක් ලෙස සැලකේ. ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසෝට්ස් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස City of Dreams Sri Lanka හෝටල් සංකීර්ණය ඉදි කර ඇති අතර එයට කාමර 687කින් යුත් Cinnamon Life හෝටලය, කාමර 113ක් යුත් Nüwa City of Dreams Sri Lanka හෝටලයත් ඇතුළත් වේ.

දකුණු ආසියාවේ විශාලම කැසිනෝ එක විවෘත වන්නේද මෙහිය.