රට රස්සා කරන අය ජුනි මාසයේදී ඩොලර් මිලියන 635ක් ලංකාවට එවලා

විදේශ ගත ශ්‍රමිකයින් ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 635.7ක් ලංකාවට එවා තිබේ.

එය පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව සියයට 18.9ක ඉහළ යාමකි.

විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 3738 ක මුදලක් ලංකාවට එවා තිබේ. පසුගිය වසරේ මුල් මාස හය තුළදී විදේශ ගත ශ්‍රමිකයින් ලංකාවට එවා තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 3144ක මුදලක් පමණි.

මේ වසරේ මුල් මාසවලදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ මුදල් ගලා ඒම තුළ රුපියල් බිලියන 113.2ක මුදලක් රට තුළට ලැබී තිබේ.