දෙමළ පොදු අපේක්ෂකයා පත්කිරීම ගැන රාසමානික්කම්ගේ මතය

2024 ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නැති බව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසනවා.

කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශව කිහිපයක් එක්ව ඊයේ (08) දිනයේ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

ඊයේ දිනයේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්ව දෙමළ පොදු අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවා.

“මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන අයෙකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයෙකුගේ උවමනාවට ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා.”