ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළයාමක් -අගෝස්තු මාසය තුළ පමණක් 2400ක්

මේ වසරේ අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ පමණක් 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියා.